2017 දින 10 ට ඩෙංගු 1000 යි

මෙම වසරේ ගත වූ දින 10 තුළ ඩෙංගු රෝගීන් දහසක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කෙසේ වෙතත් ඩෙංගු රෝගයට ගොදුරු වී මියගිය පුද්ගලයන් පිළිබඳ තොරතුරු ගත වූ දින 10 තුළ වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

මෙම වසර තුළ තවදුරටත් ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී තිබේ.

පසුගිය 2016 වසරේ මදුරුවන් බෝ වන ස්ථානවලින් සියයට 22ක් හමුවී ඇත්තේ පාසල් පද්ධතියෙන් බව වාර්තා වේ.

පාසල් 667කින් ඩෙංගු මදුරු කීටයන් සොයාගෙන ඇති අතර පාසල් 81කට නඩු පැවරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් පාසල් පවිත්‍ර කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයා උපදෙස් දී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.