වැලිකන්දේ අයෙකු බස් රථයෙන් වැටී මරුට

make-money-468x60-2

පොලොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයකින් ඇද වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මඩකළපුව – පොලොන්නරුව මාර්ගයේ ධාවනය වූ මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයක ඉදිරිපස දොරටුවෙන් අදාළ පුද්ගලයා ඇදවැටී ඇති බව පොලීසිය පැවසුවේය.

එහිදී බරපතළ තුවාල ලැබූ ඔහු වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ වැලිකන්ද, අසේලපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි අයෙකි.

make-money-468x60-2