කුණු කෑලි මිරිස් වික්ක 7 කට දඩ

make-money-468x60-2

මිනිස් පරිභෝජනයට නුසුදුසු කෑලි මිරිස් කුඩු නිෂ්පාදනය කර අලෙවිය සඳහා බෙදා හැරීමේ චෝදනාවට වරදකරුවන් වූ පුද්ගලයින් 07 දෙනෙකුට කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය දඩ නියම කර තිබේ.

කෘත්‍රීම වර්ණක යොදා එම නිෂ්පාදන, අලෙවිය සඳහා බෙදා හැර ඇති බවට ඔවුන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

නඩුව විභාගයට ගත් කැබැතිගොල්ලෑව මහේස්ත්‍රාත් ටී.ජේ.ප්‍රභාකරන් මහතා එම නිෂ්පාදන ආයතනයේ හිමිකරුට රුපියල් 60,000ක දඩ මුදලක් නියම බවට වාර්තා වේ.

මීට පෙරද මෙම පුද්ගලයාට මෙවැනිම චෝදනාවක්, එල්ල වී තිබූ බව සඳහන්ය.

make-money-468x60-2