ජාලිය වික්‍රමසූරිය යළි රිමාන්ඩ්

අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව අද(11) කැඳවු අවස්ථාවේ දී කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කර ඇත්තේ ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ජාලිය වික්‍රමසූරිය මහතා අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර ඊට අදාළව බන්ධනාගාර නිලධාරීන් විසින් මහේස්ත්‍රාත්වරිය වෙත වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ බව වාර්තාවේ.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ 20,000කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ජාලිය වික්‍රමසූරිය මහතාට චෝදනා එල්ල වී තිබේ.

සිද්ධියට අදාළව පසුගිය වසරේ නොවැම්බර් මස 18 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.