එකම පවුලේ 05 කට මරණ දඬුවම

ප්‍රේම සබඳතාවකට විරුද්ධ වූ 44 හැවිරිදි පුද්ගලයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමකට අදාළ වරදකරුවන් වූ එකම පවුලේ පස් දෙනෙකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මරණ දඬුවම නියම කළා.

අද (11) මෙසේ මරණ දඬුවම නියම වූ පුද්ගලයන් අතර කාන්තාවන් දෙදෙනෙකුද වනවා. 2009 වසරේ ජනවාරි 15 දා හෝ ඊට ආසන්න දිනයකදී මෙම ඝාතනය සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.