ලුලූ ලංකාවට

මැද පෙරදිග සුපිරි වෙළඳසැල් ජාලයේ ප්‍රමුඛයා වන ලුලූ සමූහයේ ආහාර නිෂ්පාදන හා අපනයන සංකීර්ණයක් ශ්‍රී ලංකාවේදී වීවෘත කෙරුණා.ඒ අමාත්‍ය සාගළ රත්නායකගේ ප්‍රධානත්වයෙන්.

මැදපෙරදිග රටවල ව්‍යාප්ත අංක එකේ සුපිරි වෙළඳසැල් ජාලය වන ලුලූ සමාගමේ වාර්ෂික ආදායම ඇමරිකා ඩොලර් බිලියන 6.9ක් වනවා. එහි සේවකයන් සංඛ්‍යාව හතලිස් දහසක්. ශාඛා 134ක් මැද පෙරදිග පුරා ව්‍යාප්තව පවතිනවා. එහි ආහාර නිෂ්පාදන හා අපනයන සංකීර්ණය විවෘත කෙරුණේ කටුනායක නිදහස් වෙළඳ කලාපය තුලයි. සාගළ රත්නායක ඇතුළු අමාත්‍යවරුද නියොජ්‍ය අමාත්‍යවරු හා රාජ්‍ය නිළධාරීන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.