රතු ලූණු මිල ඉහළට

දේශීය වෙළෙඳපලේ රතු ලූණු මිල සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.

දේශීය රතු ලූණු වෙළෙදපල තුළ හිඟවීම මෙම තත්ත්වයට හේතුව බව වෙළෙඳුන් පෙන්වා දෙයි.

මේ වන විට රතු ලූණු කිලෝවක් රුපියල් 300ත් 350ත් අතර මිලකට වෙළෙඳපල තුළ අලෙවි වන බව වාර්තා වෙයි.

තොග මිල ද මේ වන විට සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි