එන්න එන්න නයනාගේ ඉල්ලුම වැඩි වෙනවලු

make-money-468x60-2

තමන්ගේ ඉල්ලුම එන්න එන්න වැඩිවී ඇති බව ප්‍රවීණ රංගන ශිල්පිනී නයනා කුමාරි පවසනවා.

සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ

“ඒ තරම් අඩු වයසින් මට කලා ක්ෂේත්‍රයට එන්න ලැබීම ම ලොකු වාසනාවක් කියලා හිතෙනවා. පොඩි වයසේදී කලාවට ආවත්, මම අවු.10 ක් එක දිගට කලාව ඉගෙන ගත්තා. ඒ ගෞරවය මගේ අම්මාට හිමි වෙන්න ඕන. මගේ අම්මා තමා මාව හරි මාර්ගයට යොමු කළේ. අපි ඉගෙන ගෙන වේදිකාව, පුංචි තිරය සහ සිනමාව යන තුනටම සම්බන්ධ වීම නිසා, ඒ දේවල් හොදින් කරනගෙන ගිය නිසා අදටත් අපි පවතිනවා සහ අදටත් අපේ ඉල්ලුම එන්න එන්න වැඩි වෙලා තියෙනවා.

පුතාට දැන් අවු.11 ක් වෙනවා. එයා සත්රු කාවීජ්. ළඟදි එයාට ඩෙංගු හැදුණ නිසා හොඳටම අසනීප වෙලා හිටියා. ඒ වෙලාවේ මම හැමදේකින්ම අයින් වෙලා මමයි මගේ මහත්තයයි දෙන්නම එයාත් එක්කම හිටියා. මේ වෙලාවේ විශේෂයෙන් ස්තුති කරන්න ඕන, පුතාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයට. දැන් තමා එයා පාසල් යන්නේ. එයා රාජකීය විද්‍යාලයේ , 7 වසරේ ඉගෙන ගන්නවා.

අපේ ලෝකේ පුතා තමා. ඒ නිසාමයි එයාට අවු. 10 යන තුරු මම කොලඹින් පිට කිසිම නාට්‍යයට දායක වුණේ නැත්තේ. නමුත් දැන් මගේ පුතා ලොකුයි. ඒ නිසාම මම දැන් පුළුවන් විදියට ලැබෙන නිර්මාණ වලට දායක වෙනවා විශේෂයෙන් කියන්න ඕන,මගේ සැමියා සුමිත් මගේ වැඩ වලට ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඒ නිසයි මම දවසින් දවස ඉහළට යන්නේ” යනුවෙනුයි.

make-money-468x60-2