ප්‍රේක්ෂකයින් අතරට කාලෙකින් එද්දි එහි වැඩි වටිනාකම වැඩියි – හෂිනි ගෝනගල

නර්තන ශිල්පිනියක ලෙස බොහෝ දෙනකු හඳුනා ගත් හෂිනි ගෝනගල කෙටි කලෙකින් සිනමා අඹරේ පෑයූ තවත් තාරකාවක් ලෙස ප්‍රේක්ෂක හදවත්හී ළැගුම් ගන්නට සමත් වුවාය. .

01. හෂිනි කොහෙද මෙච්චර දවස් හැංගිලා හිටියේ?

හැංගිලා හිටියේ නැහැ.විවේකයක් ගත්තොත් හොඳයි කියලා හිතුණා මගේ පාදයේ ඇති වුණු ආබාධයක් නිසා. ඉතින් මගේ අධ්‍යාපන කටයුතු වලටත් ඒ කාලේ යොදා ගත්තා.

02. කාලෙකට පස්සේ අතුරුදන් වෙලා කාලෙකට පස්සේ එනකොට ඔබව ප්‍රේක්ෂකයන්ට අමතක වෙනවා නේ ද?

නැහැනේ. හැමදාම දකින කොටයි අගයක් නැත්තේ. ගුණාත්මක නිර්මාණයක් ඔස්සේ ප්‍රේක්ෂකයින් අතරට කාලෙකින් එද්දි එහි වැඩි වටිනාකම වැඩියි.

03. කොච්චර කාලෙකට පස්සේද නැවත නිර්මාණයකට සම්බන්ධ වුණේ?

අවුරුද්දකට විතර පස්සේ. ‘සිනහව අතරින්‘ ෆිල්ම් එක එනකන් මං ආසාවෙන් බලන් හිටියේ. දැන් ඊට විවිධ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන හරිම සතුටුයි.

04. රංගනයට වඩා හෂිනි නර්තනයට දක්ෂ යැයි කවුරුවත් කියලා නැද්ද?

ඉස්සර එහෙම කිව්වා. ඒ කාලේ වැඩිපුරම දැක්කේ මගේ නර්තනය විතරනේ, නමුත් මම හැම අතින්ම ටැලෙන්ටඞ් කියලා මේ ෆිල්ම් බලපු ප්‍රවීණයන් පවා කිව්වා.

05. ‘සිනහව අතරින්‘ ෆිල්ම් එකේ හෂිනිට වැඩිපුරම තිබුණේ අඬන්නලූ‍ නේද?

ඔව්නේ.

06. අඬන්න තව ටිකක් පුරුදු වුණා නම් හොඳයි කියලා සමහරු කියනවා?

ෆිල්ම් එක පුරාවට මම වැඩියෙන්ම ස්කෝ කළේ අඬන සීන් වලින් නේ.. බලපු හැමෝම වගේ කිව්වේ මම හොඳට අඬලා තියෙනවා කියලයි.

07. ටෙලි නාට්‍ය රංගනයට ඔබේ කැමැත්තක් නැතිලූ‍ නේද?

ඔව්. මම සිනමා තරුවක්. රංගනයට පිවිසි මුල් කාලේ ඉඳලම ටෙලි ඩ්‍රාමා කරන්නේ නැහැ කියන මතයේ තමයි මම හිටියේ.

08. හෂිනිත් එක අරමුණක ඉන්න බැරි කෙනෙක් නෙමෙයිද ?

ඒ කිව්වේ?

09. ඒ කිව්වේ.. කාලෙන් කාලෙට හෂිනි කරන දේවල් වෙනස් නිසා ?

ඒ, එක අරමුණක ඉන්න බැරිකම නෙමෙයි. මම සාමාන්‍යයෙන් ෆ්ලෙක්සිබල් කෙනෙක්. ඉතින් එකම දේකට කොටු නොවී මට ගැළපෙන ඕනම දෙයක් ඉගෙන ගෙන ඕල්රවුන්ඩ කෙනෙක් වෙන්න මම කැමැතියි.

10. හොඳයි ඒ දේවල් වලින් හෂිනි වඩාත්ම කැමැති මොන අංශයටද?

අනිවාර්යෙන්ම ඩාන්සිං. මාව හැමෝම හඳුන ගත්තෙත් ඒ නිසානේ

11. නර්තනයට කැමැති වුණාට ඔබ අකැමැති නර්තන ශෛලියකුත් තියෙනවාලූ‍ නේද?

හැම නර්තන ශෛලියකටම මගේ ගරුත්වයක් තියෙනවා. නමුත් භරත නර්තන ශෛලියට නම් මගේ එතරම් කැමැත්තක් නැහැ. ඒක හරිම අමාරුයි.

12. නර්තන ගුරුවරියක විමේ බලාපොරොත්තුව තවමත් තියෙනවාද?

ඔව්. ඉදිරියේදී බලමු නේද..

13. හ්ම්ම්.. වෘත්තීය පිළිබඳ තවමත් නිශ්චිත අරමුණක් නැති පාටයි?

මම ගොඩක් කැමැතියි නර්තනයට. ඒ නිසා අනිවාර්යෙන්ම ඒ අංශයෙන් මගේ වෘත්තීමය පැතිකඩ තීරණය වෙයි.

14. නමුත් ඔබ උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගෙන තිබෙන්නේ හාත්පසින්ම වෙනස් වූ විෂයක්?

හොඳ අධ්‍යාපන පසුබිමක් තිබීම අනාගතයට හොඳ අත්වැලක් වගේම ගරුත්වයක්. ඉතින් මම වෘත්තීමය වශයෙන් නර්තනය තෝරා ගත්තත් ඉගෙන ගත් දෙයක් අපතේ යන්නේ නැහැ.

15. මිස් ශ්‍රීලංකා වීමේ සිහිනය තවම දකිනවාද?

මං දැන් චුට්ටක් මහතයි නේ..ඉතින් ඒ ගැන අදහස අත්හැරලා තියෙන්නෙ..

16. දැන් නම් ආදර පටලැවිල්ලක් නැති වෙන්න බැහැ?

නැහැ. මම ඉන් නිදහස්.

17. හෂිනිගේ අද ඉන්න තැන ගැන සතුටු වෙනවද?

මම ගත්ත තීරණ කවදාවත් මට අවැඩක් කරලා නැහැ. ඒ තීරණ නිසා තමයි අද මට ලැබුණු මේ අවස්ථාවන් සහ ජනප්‍රියයත්වය කියන දෙකම ලැබිලා තියෙන්නේ. ඒ නිසා මට අද ඉන්න තැන ගැන සතුටු නොවී බැහැ.