තෙවරප්පෙරුමට ලක්ෂයක පොත්පත් යැවූ ටෙනී

make-money-468x60-2

“ඔබ තුමාගේ සමාජ මෙහෙවර සියලු දේශපාලන නායකයන්ට ආදර්ශයකි.එවන් මහතෙකුගේ මිතුරෙකු වීම ද ආඩම්බරයකි.”

මේ සටහන උපුටා ගත්තේ රංගන ශිල්පී ටෙනිසන් කුරේ විසින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම වෙත එවන ලද ලිපියක් ඇසුරිනි.

පාලිත තෙවරප්පෙරුමගේ ඉල්ලීම අනුව ගංවතුරෙන් අවතැන්වූ පාසැල් දරුවන් සඳහා රුපියල් ලක්ෂයක් වටිනා පොත් පත් ඇතුළු උපකරණ ලබාදෙමින් ඔහු මේ ලිපිය ලියා තිබෙනවා.

තමන් කිසි දිනක දේශපාලනය සමග වැඩකර නැති බව පවසන ඔහු ඊයේ (3) අමාත්‍යවරයාගේ නිවසට පැමිණ ඔහුත් සමග ගොස් මෙම අවතැන්වූ පාසැල් දරුවන් සඳහා රුපියල් ලක්ෂයක් වටිනා පොත් පත් ඇතුළු උපකරණ බෙදා දී තිබෙනවා.

එම අවස්ථාවේ ඡායාරූප සහ ඔහු ලියා දුන් ලිපිය පහතින් දැක්වෙනවා.

make-money-468x60-2