එළවළු ගිනි ගණන්!

make-money-468x60-2

දැනට පවතින අයහපත් කාලගුණයේ බලපෑමෙන් එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස්‌ ඇතැයි වාර්තා වේ.

දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්‌ථානයට මේ දිනවල එළවළු ලැබීමේ අඩුවක්‌ද පවතින බව එම වෙළෙඳන්දොa කියති.

ඒ හේතුවෙන් එළවළු මිල ගණන් වල යම් ඉහළ යැමක්‌ පවතින බව ඔවුහු කියා සිටියහ. කැරට්‌, ගෝවා, බෝංචි, අමු මිරිස්‌, මාළු මිරිස්‌, වට්‌ටක්‌කා වැනි එළවළු වල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස්‌ තිබේ.

එම ආර්ථික මධ්‍යස්‌ථානයේ කළමනාකාර ප්‍රශාන්ත ඉන්ද්‍රජිත් මහතාගෙන් මේ ගැන විමසූ විට ඔහු කියා සිටියේ පැවැති ආපදා තත්ත්වය දිවයිනේ ප්‍රදේශ කීපයකට පමණක්‌ බලපෑවද එළවළු ලැබීමේ හිඟයක්‌ නොමැති බවයි. කෙසේ වෙතත්, එළවළු මිල ගණන් වල සුළු වැඩිවීමක්‌ පෙන්නුම් කරන බවද හෙතෙම කීය.

make-money-468x60-2