කාසියේ වාසිය පකිස්ථානයටයි-පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවටයි

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ස්ථාන කණ්ඩායම අතර අද කාඩිෆ්හිදි පැවත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සමත්වූයේ පකිස්ථාන කණ්ඩායමයි.

ඒ අනුව මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර ඇති අතර පකිස්ථානු කණ්ඩායම පන්දු රැකීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට ප්‍රසාද ලකුණු සටහනේ 03 වන ස්ථානයේ රැඳී සිටින අතර පකිස්ථාන කණ්ඩායම රැඳී සිටින්නේ සිව් වන ස්ථානයේයි.

විශේෂයෙන් අද(12) දිනයේ ජයග්‍රහණය කරන කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකියාව ලැබේ