ප්‍රින්ස්ගේ රෝහල් ගාස්තු ගෙවන් කීර්තිගෙන් ප්‍රසංගයක්

මියගිය ගායක ප්‍රින්ස්‌ උදය ප්‍රියන්ත සොහොයුරාගේ පෞද්ගලික රෝහල් ගාස්‌තුව වන රුපියල් ලක්‌ෂ 25 ක මුදල සොයා ගැනීමට සංගීත ප්‍රසංගයක්‌ පවත්වනවා. ඒ ලැබෙන මුදල් සියල්ලක්‌ම රෝහල් ගාස්‌තුව වෙනුවෙන් පරිත්‍යාග කරනවා. අපේ කලා රසිකයන්ට ඒ සඳහා උදව් කළ හැකි යෑයි ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්‌කුවෙල් මහතා පැවැසීය.

කොළඹ පෞද්ගලික රෝහලෙන් ප්‍රින්ස්‌ගේ දේහය නිදහස්‌ කර ගැනීම සඳහා රුපියල් ලක්‌ෂ 25 ක බිල්පතක්‌ රෝහලට ගෙවීමට තිබූ බවත් එය මසක්‌ ඇතුළත ගෙවන ලිත පොරොන්දුව මත දේහය නිදහස්‌ කර ගත් බවත් ඒ මහතා කීය.

දැන් මේ රෝහලේ බිල ගෙවන්න අවශ්‍ය මුදල හොයාගන්න මහරගම ජාතික තරුණ සේවා සභාවේදී සංගීත ප්‍රසංගයක්‌ පවත්වන්න තීරණය කළා. ගායක ගායිකා සංගමයෙන් නොවෙයි. මම මේක පුද්ගලිකව මැදිහත්වෙලා සංවිධානය කරනවා. ඒ ප්‍රසංගයෙන් ලැබෙන සියලුම මුදල් අපි ප්‍රින්ස්‌ගේ රෝහල් බිල්පත වෙනුවෙන් පරිත්‍යාග කරනවා.

දැන් අපි දන්නවා ප්‍රින්ස්‌ නැගනියටත් මුදල් නැහැ කියලා. ඇය පසුගිය වසර දෙකහමාරක්‌ තුළ ප්‍රින්ස්‌ගේ රෝහල් ගාස්‌තු හා බෙහෙත් හේත් සඳහා රුපියල් ලක්‌ෂ 125 ක්‌ විතර වැය කරල තිබෙනවා. පරිත්‍යාශීලීන්ගෙන් ඇයට ලැබුණු මුදල් හා ඇගේ ඉඩ කඩම් විකුණලා ගත්තු මුදල් තමයි වැය කළේ. ඉතිං කලාකරුවන් වශයෙන් අපිද හිතුවා මියගිය ප්‍රින්ස්‌ට උපහාරයක්‌ වශයෙන් උදව් කරන්න.