චීනයේ පෙර පාසලක් අසල පිපිරීමක් – ජීවිත හානි 07ක්

make-money-468x60-2

චීනයේ පෙර පාසලක් ආසන්නයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 66 දෙනෙකු තුවාල ලබා තිබේ.

නැගෙනහිර ජියෑන්ග්සු පළාතේ, ෆෙන්ග්ෂියෑන් ප්‍රදේශයේ පෙර පාසලකට ඉතා ආසන්නව මෙම පිපිරීම සිදුව ඇති බව රජයේ ෂිංහුවා පුවත් සේවය පවසයි.

මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්වූ හෝ තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් සිටින්නේද යන්න පිළිබඳ තොරතුරු වාර්තා නොවෙයි.

පිපිරීමට හේතුව පැහැදිලි නැතත්, ඒ ආසන්නයේ වූ ආපන ශාලාවක ගෑස් ටැංකියක් පුපුරා යෑම මෙම අවාසනාවන්ත සිදුවීමට හේතුව බව විශ්වාස කෙරෙයි.

එරට වේලාවෙන් සවස 5.00 ට පමණ මෙම පිපිරීම සිදුව ඇති අතර, එය පෙර පාසලේ රැඳී සිටි බොහෝ දරුවන් දෙමවුපියන් විසින් රැගෙන යන කාර්ය බහුල මොහොතක් බවද කියැවෙයි.

ෂිංහුවා පුවත් සේවයට අනුව සිද්ධිය වූ  ස්ථානයේම පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පස් දෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

make-money-468x60-2