ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීම ජනපති-අගමැති ප්‍රධානත්වයෙන් අද

ජනපති – අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ හමුවක් අද (19) අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

සම්මුතිවාදී ජාතික රජයක් ලෙස කටයුතු කරන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හමුවට එක්වන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කෙළේය.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (18) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඉඩම් ඇමැතිවරයා එසේ කීය. ජාතික රජයක් ලෙස කටයුතු කරනවිට ප්‍රධාන පක්ෂ දෙකේ මන්ත්‍රී කණ්ඩායම් වරින්වර මෙසේ හමුවන බව ද ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.