ප්‍රදෙශ රැසක පහරදීම් වලට බොදුබල සේනාව සම්බන්ධයි – පොලිසිය

make-money-468x60-2

දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වූ පහරදීම් සහ දේපොල හානි සම්බන්ධයෙන් බොදු බල සේනාවේ මැදිහත්වීමක් ඇති බවට විමර්ශන වලදී තහවුරු වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවක දීයි ඔහු මේ බව හෙළි කළේ.

සමාජ ජාල වෙබ් අඩවි තුළින් ජාතීන් අතර ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.වරෙන්තු ලැබූ පුද්ගලයන්ට ආරක්‍ෂාව සපයන්නන්ට ද නීතිය මගහැර යාමට කිසිදු ඉඩක් තබන්නේ නැති බව නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි කියා සිටියා.

make-money-468x60-2