ස්ථාන කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

make-money-468x60-2

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19දා) වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන පස්වරු 02.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

විශේෂයෙන් වැසි සමග තද සුළං සහ අකුණු ඇති විය හැකි හෙයින් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

make-money-468x60-2