ඥානසාර හිමි ඉන්න තැන දැනගන්න ඔන නම් මහින්දට යන්නේ දුරකතන ඇමතුමයි

make-money-468x60-2

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිටින ස්ථානය දැනගැනීමට. අවශ්‍යනම් කළ යුත්තේ ඔහුගේ නීතිඥයාට දුරකථන ඇමතුමක් ලබාදීම පමණක් යැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අද (19දා)  පැවසීය.

එසේ කළ නොහැකිනම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හෝ උදය ගම්මන්පිල මහතාට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් එම තොරතුර ලබාගැනීමට හිටපු ජනාධිපතිවරයාට අවස්ථාව තිබෙන බවද ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රණවක මහතා පවසා සිටියේය.

ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා පසුගිය කාලයේදී මහින්ද රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ,උදය ගම්මන්පිල යන මහත්වරුන් වෙනුවෙන්ද පෙනී සිටි බවත්,ගම්මන්පිල මහතා ඔහුගේ කනිෂ්ඨ නීතිඥයෙකු බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2004 මහමැතිවරණයෙන් පසුව ඥානසාර හිමියන් සමග ජාතික හෙළ උරුමයේ සම්බන්ධයක් නොතිබුණු බවත්,උන්වහන්සේ 2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාටද,2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාටද,2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාටද සහාය දැක්වූ බවත් පැවසූ ඒ මහතා එම සෑම මැතිවරණයකදීම ජාතික හෙළ උරුමය ප්‍රතිවිරුද්ධ අපේක්ෂකායට සහය දැක්වූ බවද කියා සිටියේය.

make-money-468x60-2