ඩොලරය ඉහළ යාම නිසා රට අනතුරේ

make-money-468x60-2

රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් අහිතකර ආර්ථික තත්වයන් තවදුරටත් ඇති විය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල මේ වනවිට රුපියල් 155 ඉක්මවා අවසන්.

ඊයේ දිනයේ දී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල වාර්තා වූයේ රුපියල් 155.44ක් ලෙසයි. ඒ නිසා දිවසින් දවස ඩොලරයේ අගය ඉහළ යනව.

දිගින් දිගටම පවතින මෙම තත්වය හේතුවෙන් උද්ධමනය තවදුරටත් ඉහළ යා හැකි බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. මේ, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජනත් කුමාරසිංහ.

“අපේ රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩු වෙලා තියෙනව. එහෙත් ඒ සඳහා ඇති ඉල්ලුම වැඩියි. ඒ නිසා අපේ රුපියල දිගින් දිගටම අවප්‍රමාන වෙනව. නිදහසෙන් පස්සෙම අපේ රට හුරුවෙලා තියෙන්නෙ නැවෙන් කටට කියන ආර්ථික ප්‍රතිපත්තියට. බොහෝ අමුද්‍රව්‍ය ආහිර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වන ආර්ථිකයකට අපි හුරුවෙලා තියෙන්නෙ. දේශීය නිෂ්පාදනය ඉතාමත් පල්ලෙහාට වැටිල තියෙන තත්ත්වයක් උදා වෙලා තියෙන්නෙ. මේ නිසා රටතුළ උද්ධමනයක් ඇතිවෙනව. ජීවන තත්ත්වය පහළ වැටෙනව”

රට තුළ ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් නොමැති වීම මෙන්ම මෙම තත්වය වළක්වා ගැනීමට නිසි වැඩපිළිවෙලක් නොමැති වීම මීට ප‍්‍රධාන වශයෙන් බලපා ඇති බවද ආචාර්ය ජනත් කුමාරසිංහ පෙන්වා දුන්නා.

“ඩොලර් සැපයුම වැඩිකරගත යුතුයි. අපනයන ආදායම වැඩිකරගත යුතුයි. නැත්නම් විදේශ සෘජු විදේශ ආදායම වැඩිකරගත යුතුයි. නමුත් ආන්ඩුවට මේ දෙකටම නිසි වැඩ පිළිවෙළක් නැහැ” යැයිද ඔහු පවසනවා.

make-money-468x60-2