IMF සල්ලි මල්ලෙන් රුපියලට වෙන දේ පහදයි

make-money-468x60-2

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ‍්‍රී ලංකාවට ලැබෙන ණය වාරිකය හේතුවෙන් මෙරට රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව යම් තාක් දුරකට හෝ ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇතැයි ආර්ථික විශේෂඥයින් පවසනවා.

ඊයේ (18) වන විට අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිළ සටහන් වූයේ රුපියල් 155.46ක් ලෙසයි.

කෙසේ වෙතත් පාර්ලිමින්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන ප‍්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය වාරිකයක් ලැබුණ ද ඉන් රටේ සංවර්ධනයට කිසිවක් සිදු නොවන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙම ණය වාරිකය නිදහස් කිරීමට හේතු වූයේ දේශීය ආදායම් පනත බවයි මෙහි දී ප‍්‍රකාශ කෙරුණේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ‍්‍රී ලංකාවට ලබා දෙන ණය ආධාර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 167 .02ක දෙවන වාරිකය මෙලෙස මෙරටට ලබා දීමට තීරණය කර තිබෙනවා.

make-money-468x60-2