මසකට හෝ දෙකකට ප්‍රදිප්ට ක්‍රිකට් පිටිය අහිමිවෙයි

අසේල ගුණරත්නගෙන් පසුව ඉන්දීය තරගාවලිය අහිමිවන දෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට ණුවන් ප්‍රදීප් පත්විය.  ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිටින ප්‍රධානම වේග පන්දු යවන්නා වූ ණුවන් ප්‍රදිප් පෙරේදා (03දා) ආබාධයකට ලක්විය.

ඔහු කලවයේ ආබාධයකට ගොදුරු වූ අතර ඊයේ (04දා) සවස කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී දිමුත් කරුණාරත්න සඳහන් කළේ ආබාධය හේතුවෙන් ණුවන් ප්‍රදීප්ට මාසයක හෝ දෙකක කාලයක් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවෙනු ඇති බවයි.