ඉනිමක පරාජයෙන් බේරෙන්න නම් අද 230ක ඉලක්කයක්

make-money-468x60-2

ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී ඉණිමක පරාජයෙන් බේරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට තියුුණු සටනක නිරත වී සිටිනවා.

ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉණිම ආරම්භ කළේ ඉන්දියාවට වඩා ලකුණු 439ක් පිටුපසින් සිටිමින්. ඊයේ තරගය නතර කරන විට ඔවුන් කඩුලූ 02ක් දැවී ලකුණු 209ක් රැස්කර ගෙන සිටියා. කුසල් මෙන්ඩිස් ලකුණු 110යි. මෙය ටෙස්ට් ක‍්‍රිකට් තරගවල දී ඔහු විසින් රැස් කරගත් 03 වන ශතකය වනවා. දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 92යි. මේ අනුව ඉණිමක පරාජයෙන් බේරීම සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 230ක් රැස්කර ගත යුතු වනවා. අද මෙම තරගයේ 04 වන දිනයයි.

තරගය කොළඹ එස් එස් සී ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

make-money-468x60-2