මල් කළඹ අතට ගන්නට පෙර පෙම්වතාගේ අතින් මල් වඩම ගන්න සිදුවුනා

make-money-468x60-2
තමන්ගේ ජීවිතයේ වටිනාම අවස්ථාව වන විවාහයට සූදානම්ව උත්සවයට සහභාගී වීමට ගමන්කළ තරුණියක් අවාසනාවන්ත ලෙස මියගිය සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාල සිදුවීම වාර්තා වන්නේ රුසියාවෙන්.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ Guzel Zakirova නමැති 23 හැවිරිදි තරුණියක්.

ඇය සිය මිතුරිය සමඟ තම විවාහ උත්සවයට සහභාගීවීමට කොණ්ඩය සකසා නැවත පැමිණෙමින් සිටියදීයි මෙලෙස අනතුරකට ලක්ව මියයන්නේ.

එම අවස්ථාව මෙම තරුණිය විසින් මෝටර් රථය පදවාගෙන පැමිණි බවයි වාර්තා වන්නේ.

ඇය පැමිණි මෝටර් රථය Bashkortostan ප්‍රදේශයේදී 31 හැවිරිදි අයෙකු පැදවූ වෙනත් මෝටර් රථයක ගැටීමෙනුයි මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත්තේ.

අනතුර හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම තරුණියගේ යෙහෙලියද රෝහල්ගතකර තිබෙනවා.

ඇයගේ විවාහයට සහභාගීවීමට සූදානම් වූ ඥාතීන්ට අවසානයේ සහභාගීවීමට සිදුවූයේ ඇයගේ අවමගුල් උත්සවයටයි.

අවමගුල් උත්සවයට සහභාගී වූ ඇයගේ අතගැනීමට සූදානම්ව සිටි Ilnar Shafikov නමැති 26 හැවිරිදි තරුණයා එම අවස්ථාවේ මහත් සංවේගයට පත්ව දැඩි වෙලාවක් ඇයගේ සොහොන අභියස රැඳී සිට තිබෙනවා.

අනතුර සිදුවූ අවස්ථාවේ ඡායාරූප පහතින්.

make-money-468x60-2