රවී ඉල්ලා අස්වෙයි

විදේශ අමාත්‍ය රවී කරුණානායක අද (10) පස්වරුවේ පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවයි.

එක්සත් ජාතික පක්ෂය පවසන්නේ බැඳුම්කර කොමිසමේ කටයුතු සඳහා සහය වීමේ අරමුණ ඇතිව ඔහු ඉල්ලා අස්වනු ඇති බවයි.

ඊයේ (09) ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය රවී කරුණානායක අතර විශේෂ හමුවක් ද පැවැත්වුණා.