‘මං කලකිරීමෙන්… ළඟදී තීරණයක්‌ ගන්නවා’ – ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත

make-money-468x60-2

ඇතැමුන් තමන්ගේ අදහස්‌ පිළිනොගන්නා බව ද සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඊයේ (10) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

සම්මුතිවාදී ආණ්‌ඩුව තුළ විවිධ මත සහ ගැටුම් තිබෙන බව ද, ඒවා කළමනාකරණය කරගත යුතුව ඇතැයි ද ඇමැතිවරයා පැවැසීය.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීම රජයේ වගකීම බව ද, වත්මන් රජයේ ජනප්‍රියතාව උරගා බැලීමට තිබෙන හොඳම අවස්‌ථාව ඉදිරි පළාත් පාලන මැතිවරණය බව ද සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් පාර්ලිමේන්තුව පවා විකුණන තත්ත්වයකට පත්වීමට පෙර ජනතාව තීන්දුවක්‌ ගනු ඇතැයි ද සුසිල් ප්‍රේම්ජයන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

make-money-468x60-2