ෆයිසර් මුස්තාපාටත් විශ්වාසභංගයක්

පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන එන බව ආණ්‌ඩු පක්‍ෂයේම පසුපෙළ මන්ත්‍රීවරයකු වන බදුල්ල දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී චමින්ද විඡේසිරි මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඌව පළාත් සභාව සම්බන්ධයෙන් ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අසන ප්‍රශ්නවලට මන්දගාමී ලෙස පිළිතුරු ලබාදීම හේතුවෙන් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට සිදුවන බව ද විඡේසිරි මහතා කීවේය.

ඌව පළාත් සභාව පිළිබඳ ඇමැති මුස්‌තාපා මහතාගෙන් දිගින් දිගටම අසන ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ ඉතා අඩුවෙන් බව ද එනිසාම විෂය භාර ඇමැතිවරයා පිළිබඳ තමන්ට විශ්වාසයක්‌ නැතැයි ද කී චමින්ද විෙ-සිරි මහතා විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ආවොත් ඊට සෙසු මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ද කීවේය.