කෝපායි පොලිසියට පහරදුන් දෙදෙනෙකු අත්අඩංගුවට

යාපනය, කෝපායි හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඊයේ (10) අත්අඩංගුවට ගත් එම සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ බව පොලීසිය පැවසුවේය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් වැල්වැටිතුරෙයි සහ කොකුවිල් ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

පොලිස් නිලධාරීන්ට ආයුධවලින් පහරදී තුවාල සිදු කිරීම ඇතුළු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය දින කිහිපය තුළ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන තිබුණි.