වෛද්‍යවරු රට අතහැර යෑමේ තත්වයක් උදාවෙලා

make-money-468x60-2

වෛද්‍යවරුන්ට සහ විශේෂඥ වෛද්‍යවරුන්ට මෙරට සෞඛ්‍ය සේවය තුළ රැදී සිටීමේ අපහසුතාවයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ එම නිසා ඇතැම් වෛද්‍යවරුන් තම මූලික පත්වීම් ද බාර නොගන්නා බවයි.

එමෙන්ම වෛද්‍යවරුන් රට හැරයාමේ තත්ත්වයක්ද උදාවී ඇති බව ඒ මහතා කියා සිටියේය.

කොළඹ ඊයේ(10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මේ බව ප්‍රකාශ කළේය.

make-money-468x60-2