අත්තිඩිය බැංකු කොල්ලයේ CCTV දර්ශන

අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඊයේ(10) දිනයේ කොල්ලකෑමට ලක් වූ අතර එහි සීසීටීවී දර්ශන අද (11) පොලිස් මුලස්ථානය විසින් මාධ්‍යට නිකුත් කර තිබේ.

මේ අතර කොල්ලකෑමට පැමිණි කණ්ඩායම විසින් සිදු කළ වෙඩිතැබීමකින් එක් සිටි ආරක්ෂ නිලධාරියෙකු මිය ගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලැබීය.

කොල්ලකෑම සිදුවන අවස්ථාවේදී බැංකුවේ මුදල් තැන්පත් කිරීමට පැමිණි පුද්ගලයෙකු සතුව තිබූ මුදල්වලින් කොටසක් මෙලෙස කොල්ලකරුවන් විසින් පැහැර ගෙන ගොස් තිබූ අතර එහිදී එය වැළැක්වීමට උත්සහ දැරූ අදාළ බැංකුවේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට මෙහිදී කොල්ලකරුවන් විසින් වෙඩි තබා පළා ගොස් තිබුණි.

සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.