රවී ෂෝ එක දැක්කද – මහින්ද

රවි කරුණානායක විදේශ ඇමැති ධුරයෙන් ඉවත්වීම බොරු ෂෝ එකක්‌. මේ සිද්ධිය පිටුපස තව තව දළකාරයෝ ඉන්නවා යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය. අර්ජුන ඇලෝෂියස්‌ගේ මුදලින් නිවසක්‌ මිලදී ගත් බවට චෝදනා එල්ලවීමෙන් පසු රවි කරුණානායක මහතා ඇමැති ධුරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේය.

මෙහිදී මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙසේ ද කීය. ජනතා අධිකරණයට පිටුපා යන්න කාටවත් බැහැ. මේ වෙන දේවල් දිහා ජනතාව හොඳින් බලා ඉන්නවා. ජනතාව දැන් තීරණයක්‌ අරගෙන ඉන්නේ. ඒ නිසා ජනතාව රවට්‌ටන්න බැහැ.