අලි පහරින් අයෙකු මරුට

දිය නෑමට ගොස් ආපසු නිවස බලා යමින් සිටි පුද්ගලයෙකු අලි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි නවගත්තේගම පොලීසිය පවසයි.

ඊයේ (11) සවස 6.45 ට පමණ අදාළ පුද්ගලයා නවගත්තේගම – ගල්ගමුව මාර්ගයේ 18 වන කිලෝ මීටර් කණුව ආසන්නයේදී මෙම ප්‍රහාරයට ලක් වී තිබේ.

මිය ගොස් ඇත්තේ නවගත්තේගම – කිරිමැටියාව පදිංචිව සිටි රාජකරුණා හේරත් මුදියන්සේලාගේ කරුණාතිලක (අවු:62) නම් වූ අයෙකි.

මිය ගොස් ඇති අය සමඟ කිරිමැටියාව වැවට දිය නෑමට ගිය බව කියන ඔහුගේ බිරිඳ වන බී.එම්.කුමාරිහමි යන අය අලියා දැක දිව ගොස් ජීවිතය බේරා ගෙන ඇති බව සඳහන්ය.

වන අලි ප්‍රහාරයට ලක්වූ අය එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.