ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50%කින් පහලට

නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 50කින් අඩු වී ඇති බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ මදුරු කීට ඝණත්වය ද මේ වන විට පිටෝ දර්ශකයේ 10ක් දක්වා අඩුව ඇති බවයි.

කෙසේවෙතත් නියඟය පවතින ප්‍රදේශවලට මේ වන විට පතිතවන වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශවල මදුරු ඝණත්වය ඉහළ යා හැකි බව ද නජිත් සුමනසේන මහතා සඳහන් කළේය.