ළමුන්ට,ගැබින් මව්න්ට කිරි වීදුරුවක් දීලා අතට 5000කුත් දීලා – අන්‍යාගමික කුමන්ත්‍රණය හෙළිවුන හැටි

make-money-468x60-2

අන්‍යාගමිකයන් පිරිසක් විසින් සිංහල ජනතාව ඉලක්කරගනිමින් ගෙන ගිය තවත් එක් මූලධර්මවාදී කුමන්ත්‍රණකාරී මෙහෙයුමක සුලමුල සොයාගෙන එය ව්‍යවර්ථ කර දැමීමට සිංහලේ ජාතික සංවිධානය පසුගිය දා සමත්විය.

එහි ක්‍රියාකාරී සාමාජිකයන් පිරිසකට ලැබුන තොරතුරු අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ අන්‍යාගමිකයන් පිරිසක් සිංහල ජනතාවට එක් රැස් කර කිරි වීදුරුව බැගින් ලබා දී අතට රුපියල් 1000ක් ලබා දීමට කටයුතු කරන බවට සිංහලේ ජාතික සංවිධානයට තොරතුරු ලැබී තිබින. ඒ අනුව සොයා බැලීමේදී අදාල නිවසේ පදිංචිව සිටින අන්‍යාගමික තරුණියක් සහ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු සංවිධානාත්මකව මෙලෙස සිංහල ජනතාව කණ්ඩායම් වශයෙන් එක්රැස් කර කුඩා දරුවන් වෙනමත්, ගර්භනී මාතාවන් වෙන වෙනමවත් රැගෙන මරදාන, වැල්ලවත්ත, නාවල, වැනි ප්‍රදේශ වලට එක්කොට ගෙන ගොස් මෙලෙස කිරි බීමට ලබා දී ඇති අතර, දින 5 ක් එම කිරී බීමට ලබා දෙන බවත්, එම දින පහ වෙනුවෙන් දිනකට රුපියල් 1000 බැගින් රුපියල් 5000ක් ලබා දෙන බවට එකඟවී ඇත.

කිසිදු ලියාපදිංචි අංකයක් හෝ ආයතනයක් නොමැති ස්ථානයක පවත්වාගෙන ගිය මෙම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලට එරෙහිව ක්‍රියාත්මක වූ සිංහලේ සංවිධානය නීති මාර්ගයෙන් කටයුතු කර එලෙස කිරි හෝ කිසිදු ආහාරමය ද්‍රව්‍යක් ජනතාවට බෙදාහැරීම වලක්වමින් උසාවි නියෝගයක්ද ලබාගෙන ඇත.

make-money-468x60-2