රණවිරුවන් සියළු දෙනා මහින්ද සමග එක්වී ආණ්ඩු පෙරළියකට සැරසෙයි

make-money-468x60-2

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය වටා පෙළගැසී සිටින සියළු රණවිරුවන් පසුගිය දා පොදුජන පෙරමුණේ දේශපාලන සාමාජිකත්වය ලබා ගන්නා ලදී. එය ඉතිහාසයේ මෙතෙක් රණවිරුවන් දේශපාලනය පිවිසි පළමු අවස්ථාව වනු ඇත.

එදින සංකේතාත්තමකව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා ඇතුළු 50 දෙනෙකුගෙන් යුත් පිරිසක් පොදුජන පෙරමුණේ මහලේකම් ජීඑල් පීරිස් මහතාගේ සුරතින් එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සියල්ලටම මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පොදු ජන පෙරමුණෙන් දේශපාලන කටයුතු කිරීමට සියළු රණවිරුවන් පෙළගැසී සිටින බව එහිදී ඔවුන් ප්‍රකාශ කරන ලදී.

make-money-468x60-2