නීති විරෝධී දුම්වැටි සමග චීන කතක් දැලේ

නීති විරෝධී දුම්වැටි බණ්ඩල 258ක් සමග චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අද අලුයම මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකාරිය අවුරුදු 38ක් වන අතර ඇයව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.