මධු විතින් මත්වී රිය පදවන අතරතුර ලයිව් ආපු සොෆියා දිවියෙන් වන්දි ගෙවයි

යුක්‍රේනයේ ලාබාල රූ රැජින වන සොෆියා මාගෙර්කෝ පසුගිය දිනක රිය අනතුරකට පත්වී ඇති බවට වාර්තා වෙනවා. තවමත් 16 හැවිරිදි වියේ පසුවන ඇය බීමතින් රිය පදවමින් සිටින අවස්ථාවේදී මෙම අනතුරට පත්වී ඇති අතර, ඇය රිය පදවන අතරතුරදී සජීවීව සමාජ ජාලා වෙබ් අඩවියක් හරහා විකාශනය කරමින් සිටින අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් සොෆියා එම ස්ථානයේදීම මියගොස් තිබුන අතර, ඇගේ 24 හැවිරිදි යෙහෙළිය රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියාගොස් තිබුනි.