දැත් පිටුපසට බැඳ බාල වයස්කාර පෙම්වතියට අතවර කළ පෙම්වතෙක් අත්අඩංගුවට

දැත් පිටුපසට බැඳ සිය බාල වයස්කාර පෙම්වතියට අතවර කළ පෙම්වතෙකු පිළිබඳ පුස්සැල්ලාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එළවළු කොටුවක ඇති මඩුවකදී මෙසේ අතවර කර ඇති බව සඳහන්.

අත් දෙක බැඳ තම බාලවයස්‌කාර පෙම්වතියට අතවර කළ අදාළ පෙම්වතා පුස්‌සැල්ලාව පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පාසලේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන මෙම බාල වයස්කාර තරුණියගේ මව විදේශගතව සිටිනවා.

ඇය ජීවත්වන වත්තේම තරුණයකු සමඟ ඇය මීට මාස 02 කට පෙර ප්‍රේම සම්බන්ධයක්‌ ගොඩනඟාගෙන ඇති බවයි පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.

එහෙත් මේ පිළිබඳ නිවැසියන්ගෙන් අසා කැමැත්ත ලබා ගන්නා තෙක් කැමැත්ත ලබා දිය නොහැකි බව ඇය පසුව පෙම්වතාට පවසා තිබෙන බවයි ඇය පොලිසියට පවසා ඇත්තේ.

එවිට මෙම පෙම්වතා වෙනත් උපක්‍රමයක් යොදවා තරුණියව එළවලු කොටුවට ගෙන්වා ගෙන තිබෙනවා.

ඒ, තම මිතුරකු ද ඇය හමු වීමට යවමින්.

උපක්‍රමය සාර්ථක වී තරුණිය එළවළු කොටුවේ මඩුවට පැමිණි පසු මිතුරා ඇය රැගෙන ගොස්‌ මෙම මඩුවට දමා දොර වසා පිටව ගොස්‌ ඇති බව සඳහන්.

පසුව එහි සිටි පෙම්වතා ඇයගේ දෑත් බැඳ තිබෙනවා.

දෑත් බැඳ එළවළු කොටුවේ මඩුව තුළ දී ඔහු අදාල පාසල් සිසුවිය දුෂණය කර ඇති බවටයි වාර්තා වන්නේ.

දැරිය නිවසට පැමිණීම ප්‍රමාද වීම පිළිබඳව ඇයගේ ලොකු තාත්තා සොයා බලා තිබෙන අතර ඔහු කෙසේ හෝ ඇය කොටුවේ මඩුව තුල සිටිනා බවට සොයාගෙන තිබෙන බව සඳහන්.

ඒ පිළිබඳව පොලිසියට දැන්වූ පසු පොලිසිය පරීක්ෂණ පවත්වා දැරිය වෛද්‍ය පරීක්‌ෂණයක්‌ සඳහා ගම්පොළ රෝහලට ඇතුළත් කෙරුනා.

පෙම්වතා අත්අඩංගුවට ගැනුනා.

ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනා.