කොල්ලුපිටියේදී දුම්රියෙන් වැටී අයෙකු මරුට

make-money-468x60-2

කළුතර – මරදාන බලා ධාවනය වෙමින් අංක 350 දරන දුම්රියේ පාපුවරුවෙන් වැටී පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

අද (12) දින දහවල් 2.15ට පමණ කොල්ලුපිටිය දුම්රියපොළ ආසන්නයේ මෙම අනතුර සිදුව ඇත්තේ.

මියගිය තැනැත්තා එම ප්‍රදේශයේම පදිංචි තිස් හැවිරිදි ආනන්ද රාසා විජයකුමාර් නම් අයෙක්.

මෘතදේහය මේවන විට කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ තබා ඇති අතර මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවනු ලබනවා.

make-money-468x60-2