දුම්වැටි සඳහා රජයෙන් ගෙනෙන නව නීති මෙන්න

දුම්වැටි සඳහා බදු පැනවීම හේතුවෙන් මෙරට දුම්වැටි භාවිතය මේ වන විට සියයට 46 කින් පමණ අඩු වී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

දුම්වැටි භාවිතය තවදුරටත් අවමකරලීම සඳහා පාසල් අවට දුම්වැටි අලෙවිය තහනම් කිරීම, තනි දුම්වැටිය අලෙවිය තහනම් කිරීම, තනි සුදු පැහැති දුම්වැටි පැකට්‌ටුවක්‌ හඳුන්වා දීම වැනි නීති රීති ඉදිරියේදී ගෙන එන බව ඇමැතිවරයා කීවේය.

වසර 2020 වන විට මෙරට දුම්කොළ වගාව සම්පූර්ණයෙන් තහනම් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක්‌ ගෙන ඇති බැවින් එම තීරණය ක්‍රියාත්මක කරන විට දුම්කොළ සමාගම තීන්දුවක්‌ ගනු ඇතැයි ඇමැතිවරයා ප්‍රකාශ කළේය.