කිරිබත්ගොඩදී මාල 37 ක් කොල්ලකාලා

කිරිබත්ගොඩ නගරයේ දී ස්වර්ණාභරණ ආයතනයකට පැමිණි පුද්ගලයකු පිස්තෝලයක් පෙන්වා රුපියල් ලක්ෂ 41 කට අධික රත්‍රං මාල 37 ක් කොල්ලකා පලා ගොස් ඇති බව පොලීසිය පවසයි.

සැකකරු රන් භාණ්ඩ ලබා ගැනීමේ මුවාවෙන් පැමිණ රන් මාල තෝරමින් සිට පසුව මෙලෙස පිස්තෝලයක් පෙන්වා කොල්ලකෑම සිදු කර ඇතැයි අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඊයේ(12) සවස 5 ට පමණ මෙම සිදුවීම සිදුව තිබේ.