දකුණු පලාත් ක්‍රීඩා ඇමති දොට්ට

දකුණු පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු හා ග්‍රාම සංවර්ධන අමාත්‍ය වීරසුමන වීරසිංහ එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා.

එම විෂයයන් දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා යටතට පැවරීමට දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර අද (13) කටයුතු කළ බවයි වාර්තා වෙන්නේ.

පසුගියදා පළාත් සභාවට ඉදිරිපත් කරන ලද 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට විරුද්ධව වීරසුමන වීරසිංහ ඡන්දය භාවිතා කළ අයෙක්.