හොරු රකින්න පිණ්ඩපාතෙත් යනවා

හොරු, දඬුවම් වලින් බේරීමට අරලියගහ මන්දිරයට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට රිංගීමේ වැඩපිළිවෙළ මේ වන විට පිංඩපාතයේ ගොස් හොරු රැකගන්නා තත්ත්වයට වර්ධනය වී තිබෙන බව දූෂණ විරෝධී හඬ සංවිධානය සඳහන් කරයි.

අරලියගහ මන්දිරයත්, ජනාධිපති ලේකම් කාර්යාලයත් හොරුන්ට රැකවරණය දෙන ස්ථාන බවට පත් වී තිබෙන බවත්, මේ නිසා  පරණ හොරු සුපුරුදු ලෙසත්, අලුත් හොරු පරණ හොරුන්ගේ පාරේ යමිනුත් හොරකම් කරමින් සිටින බවද එම සංවිධානයේ කැඳවුම්කරු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

මෙම ස්ථාන දෙකෙන් රැකවරණය නොලැබෙන හොරු සිරගත වූ පසු පිණ්ඩපාතයේ ගොස් රැක ගැනීමේ කලාවක් බිහි වී තිබෙන බවද අද (13දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේය.

එහෙත් පසුගිය ආණ්ඩුවේ හා වර්තමාන ආණ්ඩුවේ හොරකම් වලට නීතිය ක්‍රියාත්මක වුවහොත් එම පිරිස් බේරාගැනීමට වසර සිය ගණනක් පිණ්ඩපාතේ යෑමට සිදුවන බවද පවසා සිටියේය.