ඔය කියන තරම් යුධ අපරාධ එල්ල වෙලා නෑ

විදෙස්‌ මාධ්‍ය ප්‍රකාශ කරන තරම් යුද අපරාධ නඩු හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට එල්ල කර නොමැති බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

හිටපු හමුදාපතිවරයා යුද අපරාධවලට සම්බන්ධතාවක්‌ ඇති නිසා ඔහු තානාපති ධුරයෙන් ඉවත් කරන ලෙස ස්‌පාඤaඤයේ නීතීඥයෙකු බ්‍රසීලයේ විදේශ අමාත්‍යංශයට පැමිණිල්ලක්‌ කර ඇතැයිද ඔහුට එරෙහිව ඇත්තේ එම පැමිණිල්ල පමණක්‌ යෑයිද ඇමැතිවරයා කීය.

මෙම සිද්ධිය විදෙස්‌ මාධ්‍ය පුළුල් ලෙස උලුප්පා ප්‍රචාරයක්‌ සිදුකර ඇති බවද හෙතෙම පැවසීය.

කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සේනාරත්න මහතා ඇමැති සරත් ෆොන්සේකා මේ ගැන කතා කිරීමට අයිතියක්‌ ඇති බවද කියා සිටියේය.