ජනපති සමග සාකච්ඡාවෙදි චේච්ච දේ ගැන දයාසිරි කියයි

පසුගිය දා රාත්‍රි ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී ආණ්‌ඩුවෙන් ඉවත්වන බවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කිසිදු ඇමැතිවරයකු ප්‍රකාශ නොකළ බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

පක්‍ෂය දිනවීම සඳහා සියලු මැති ඇමැතිවරුන් එක්‌ එක්‌ කාර්යයන් භාරගත් බවත් ඔවුන්ද මෙහිදී පක්‍ෂයේ ජයග්‍රහණයට අවශ්‍ය යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බවත් ඇමැතිවරයා කීය.

ආණ්‌ඩුවෙන් ඉවත්වන බවට ප්‍රචාරය වූ ඇමැතිවරුන් ඉතා උනන්දුවෙන් එහිදී එම කටයුතුවලට එක්‌වූ බවද ජනාධිපතිවරයා විසින් ඇමැති කමින් ඉවත් කළ අරුන්දික ප්‍රනාන්දු මහතාද ඊයේ උදෑසන ජනාධිපතිවරයා හමුවූ බවද ජයසේකර මහතා කීය.