චිත්‍රපටි අධ්‍යක්ෂකවරු ඇගයීමේ උළෙලක්

make-money-468x60-2

චිත්‍රපට අංශය පෝෂණය කිරීමට අනූපමය මෙහෙවරක් ඉටු කළ හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඇතුළු මුල් කාලීන සම්මානනීය වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ඇගයීමේ උපහාර උළෙලක් පැවැත්වීමට රජය තීරණය කර ඇත.

ලබන 18 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මෙම උපහාර උළෙල පැවැත්වීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට අමතරව සුගතපාල සෙනරත් යාපා, තිස්ස ලියනසූරිය, කීර්ති ශ්‍රී පෙරේරා යන චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ට ද මෙහිදී උපහාර පිරිනැමීමට නියමිතය.

මෙම උපහාර උළෙලට සමගාමීව රජයේ චිත්‍රපට අංශය මගින් නිෂ්පාදනය කරන ලද සම්මානනීය වාර්තා චිත්‍රපට ඩිජිටල්කරණය කර සංරක්ෂණය කිරීම සදහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට භාරදීම හා සංරක්ෂණය කළ වාර්තා චිත්‍රපට අන්තර්ජාලයට මුදාහැරීමද සිදුකෙරෙනු ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ හා මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උපහාර උළෙල පැවැත්වීමට නියමිතය.

make-money-468x60-2