වෑන් රථය පාලමෙන් පහලට

පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී  අද (14දා) අලුයම වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් එය පැදවූ පුද්ගලයා බරපතළ තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

වනාතවිල්ලුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මෙම අනතුරින් තුවාල ලබා තිබේ.

අදාළ ව්‍යාපාරිකයා පුත්තලමේ සිට තම නිවස බලා ගමන් කරමින් තිබියදී තමා පැදවූ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ආසන්නයේ තිබූ පාලමක ගැටී ඉන් පහළට වැටී අනතුරට ලක්ව ඇත.

අනතුරින් බරපතළ  තුවාල ලැබූ ඔහු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ව්‍යාපාරිකයාට වෑන් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවට අනාවරණය වී ඇත.

මෙම අනතුරින් වෑන් රථයටද දැඩි අලාභහානි සිදුව ඇත. පුත්තලම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත් වයි.