ශ්‍රී ලංකාව ලකුණු 482

make-money-468x60-2

ශ්‍රී ලංකාව හා පකිස්ථානයඅතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 482 ක් ලබා ගත්තා.

මෙම තරගය ඩුබායිහිදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ කාසියේ වාසිය දිනු අතර පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී දක්ෂ පිති හරඹයක දිමුත් කරුණාරත්න නිරත වුණා.

ඔහු පළමු ඉනිමේ දී ද්විත්ව ශතකයක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ක්‍රීඩා කළ අතර ලකුණු 196 සීමාවේ දී දැවි යමත් සමග එම අවස්ථාව ඔහුට ගිලිහී ගියා.

නිරෝෂන් දික්වැල්ල 52 යි. නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 62 ක් ලබාගත්තා.

දිල්රුවන් පෙරේරා 58 යි. රංගන හේරත් නොදැවී ලකුණු 27 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී යසීර් ෂා කඩුලු 6 ක් සහ මොහොමඩ් අබ්බාස් කඩුලු 2 ක් බිඳහෙලීමට සමත් වුණා.

make-money-468x60-2