දේශපාලන සිරකරුවන් වහාම සමාජගත කරන්න

දේශපාලන සිරකරුවන් වහාම සමාජගත කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව හැකි ඉක්මණින් මැදිහත් විය යුතු බවයි එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පෙන්වා දෙන්නේ.

එම පිරිස සම්බන්ධයෙන් අවධානය යොමු කර කඩිනම් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසයි ඔහු රජයෙන් ඉල්ලා සිටියේ.

විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙම අදහස් පළ කළේ යාපනයේ ඊයේ (08) පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.