හය වැනි කඩුල්ලේ සබඳතාව පාකිස්ථාන බලාපොරොත්තු ඉහළ නංවයි – සටනේ අවසන් දිනය අදයි

ශී‍්‍ර ලංකාව සමග ඩුබායිහි පැවැත්වෙන දිවා රාතී‍්‍ර ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී පරාජයෙන් ගැලවීම සඳහා පකිස්තාන කණ්ඩායම ප‍්‍රබල සටනක යෙදී සිටිනවා.

දෙවන ඉනිමේදී ඔවුන්ට ලැබී ඇති ඉලක්කය ලකුණු 317 ක්.

එම ඉලක්කය හඹා යන පකිස්තාන කණ්ඩායම ඊයේ (09) තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 198 ක් ලබාගෙන සිටියා.

පළමු කඩුලු 5 බිද වැටුණේ ලකුණු 52 ක් තුළයි. අනතුරුව 6 වන කඩුල්ල වෙනුවෙන් නොබිදුනු ලකුණු 146 ක සබදතාවක් ගොඩනගා ගැනීමට අසාද් සාෆික් සහ සෆ්රාස් අහමඩ් සමත් වී සිටිනවා.

අසාද් සාෆික් ලකුණු 86 යි. සෆ්රාෆ් අහමඞ් ලකුණු 57 ක් ලබාගෙන සිටිනවා.

මේ අනුව තරගය ජය ගැනීම සදහා පකිස්තාන කණ්ඩායම තවත් ලකුණු 119 ක් ලබාගත යුතුයි. අද තරගයේ අවසන් දිනය වනවා.