ප්‍රභාකරන්ගේ සිරුර දැක කම්පා වූ රාහුල් තාත්තාගේ ඝාතකයන්ට සමාව නොදෙන හේතුව මෙන්න

make-money-468x60-2

අහිංසාවාදයේ සංකේතය ලෙස සැලකෙන ගාන්ධි වංශයෙන් පැවත එන තමන් අනුන්ගේ දුකේ දී වඩාත් කම්පාවට පත්වන චරිතයත් බවට ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ උප මහලේකම් රාහුල් ගාන්ධි පවසනවා.

අන් අයගේ දුකේ දී පිහිට වීම තම පරම්පරාවේ පුරුද්දක් බවයි ඔහු ගුජරාට් ප්‍රාන්ත සංචාරයේ දී පවසා ඇත්තේ.

එම සංචාරයේ දී රාහුල් ගාන්ධි ගුජරාට් ප්‍රාන්ත ව්‍යාපාරික ප්‍රජාව හමුව තිබෙනවා. එම අවස්ථාවේ දී කොංග්‍රස් පාලන සමය හා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රශන මතු වුණා.

කොංග්‍රස් රජය පාලන සමයේ එල්ටීටීඊ සංවිධානයට උදව් ලබාදී ඇති බවත් අවස්ථාවට උචිත පරිදි ශ්‍රී ලංකා රජයට මෙන්ම රහසිගතව කොංග්‍රස් රජය එල්ටීටීඊ සංවිධානයට ද සහාය ලබාදුන් බවට එහි සිටි පුද්ගලයෙකු රාහුල් ගාන්ධිගෙන් ප්‍රශ්න කර සිටියා.

නමුත් රාහුල් ගාන්ධි එම ප්‍රශ්නයට පිළිතුරු ලබාදීමෙන් වැළකී සිටි බවයි බන්දීය වාර්තා කියා සිටියේ.

කෙසේ වෙතත් එල්ටීටීඊ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ මළ සිරුර දැක තමා මෙන්ම තම සහෝදරිය වන ප්‍රියංගා ගාන්ධි ද දැඩි සේ කම්පා වූ බවයි එහිදී රාහුල් ගාන්ධි පවසා ඇත්තේ.

අහිංසාවාදයට මුල්තැන ලබාදීමේ පවුලකින් පැවත එන ඔබ, ඔබගේ පියාගේ ඝාතකයන්ට සමාව නොදීමේ හේතුව කුමක්ද කියා මෙහිදී තවත් පුද්ගලයෙකු විමසා සිටි අතර එයට රාහුල් ගාන්ධි කියා සිටියේ අධිකරණයට අභියෝග කිරිමේ හැකියාවක් තමන්ට නොමැති බවයි.

make-money-468x60-2